වැඩියෙන්ම දුක හිතුනම මොකද කරන්නේ

ඉතින් අපේ ජීවිතය කියන්නේ හරි අමුතු චාරිකාවක් ...හොද ලස්සන සතුටු දේවල් ලැබෙනවා දකින්වා අපි ඒ තැන්වෙල නවතිනවා..ඒ සමානවම අපිට බාදක දේවල් දුක හිතෙන දේවල් ලෙඩ රෝග වගේ දේවල් ලැබෙනවා ..ඉතින් මේ ජීවිත චාරිකාවේ මේ හැමදේව විද දරාගන්න ඕනි අපි...සතුටු දේවල් ජයග්‍රහණය මේ දේවල් අපිට ලස්සනට විද දරාගන්න පුලුවන් ...ඒත් දුක හිතුනම ඒක විද දරාගන්නේ කොහොමද ?????

ඉතින් මම හිතුවා මගේ අත්දැකීමෙන් මේ දුක හිතුන වෙලාවට මොකද කරන්නේ කියල සහ මම කොහොමද මගේ දුක නැතිකරන්නේ කියල කියන්න...

දුක දැනෙන අවස්ථා මොනවද ?

*ගොඩක් කේන්තිගියාම

*අපි ආස දෙයක් අපිට නැති වුනාම

* වැඩියෙන් ආදරේ කරන අය නැති වුනාම

* අපිට දරාගත නොහැකි වේදනාවක් ඒ කියන්නේ ලෙඩක් වගේ දෙයක් කියමුකෝ

* වැරදි තීරණ නිසා..පසුතැවීම..

* තමන්ගේ හීන බොද වෙනකොට.ඒ කියන්නේ මට මොකවත් බෑ මම දුර්වලයි කියල හිතන එක.....

මේ වගේ තව ගොඩක් හේතු තියෙනවා..ඒත් සාමාන්‍ය ලමයෙක්ට ඇතිවෙන්න පුලුවන් හේතු තමා මේ....අපි මොනව කීවත් අපේ හිත තමා හිත..අපේ හිතට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ..ඉස්සෙල්ලාම වෙන්නේ අපිට ඇඩෙන එක..ගෑනු ලමයි නම් ගොඩක් අඩන්වා...එකින් එක බලමු මොනවද අපිට කරන්න පුලුවන් කියලා ..

01) අඬන්න.අඬන්න..

අඩන එක මගින් අපේ ගොඩක් හැඟීම් පිටවෙනව..තනියම අඬන්න..ඒත් හොරෙන් අඬන්න වෙන අවස්ථාවල කාමරයකට ගිහින් දොර වහල හයියෙන් අඬන්න...සැරින් සරේ අඬන්න..එක දිගට අඬන්න..කොහොමහරි දවසක් හරි අඬන්න..අපිට අපි ගැනම එපා වෙන තරමට අඬන්න..එතකොට අපිට අවසානේ හිතෙනම ඇයි මේ අඩන්නේ මම කියල..( මගේ අත්දැකීම් ) එතකොට දුක තුනී වෙලා අඩන එකත් නවතිලා.හිතට හයියක් එනවා

02) කාටහරිම කියන්න

මේක ටිකක් වැදගත් ..අපිට අම්මා තාත්තා විතරයි විශ්වාස ඒක නිසා අම්මට කියල අඬන්න..ඒත් දෙමාපියන්ට කියන්න බැරි දෙයක් නම් තමන්ගේ සැමියට නැත්නම් bf, GF , එයාලා එක්ක දුක බෙදාගන්න..එහෙම නැත්නම් විශ්වාස යාලුවෙක්ට කියන්න..මේක වැදගත් යාලුවො තෝරා ගැනීම තමා සතු වගකීමක් .අපිට තේරෙනවනේ කාටද කියන්න ඕනි කාටද කියන්න ඔනී නැත්තෙ කියල .

03) නිශ්ශබ්දව ටිකක් තනියම කාලය ගත කිරීම 

මේක වෙනස් වෙන්න පුලුවන් එක එක්කෙනාට මොකද මේ අවස්ථාවෙදි කාටහරි හිතෙන්න පුලුවන් දුක නැතිකරගන්න තනියම ඉන්නවාට වඩා කාත් එක්ක හරි යාලුවො එක්ක හරි එළියට ගිහින් විනෝද වෙන්න..ඒත් මගේ අත්දැකීම් නිසා මම කියන්නේ තනියම ඉන්න කියල..කාටවත් උත්තර දෙන්න යන්න එපා.cll, msg, අඩුම තරමේ ෆෝන් එක ගන්න එපා..තනියම ඉන්න..දැන් අපි අඩල දුක බෙදාගෙන යම්තාක් දුරට හිත හැදිල නිසා මේ අවස්ථාව යොදාගන්න මොකක් ද ඇත්තටම වුනේ..හරි මොකක්ද ? වැරද්ද මොකක්ද ? මම කරේ මොකක්ද?ඒක හරිද? ගොඩාක් වෙලාවට තරහ ගියාම පාලනයක් නෑනේ..ඒක නිසා ප්‍රශ්න වැඩිවෙන්න පුලුවන්..ඒක නිසා මේ වෙලාවේ හොදට හිතන්න...හිතල අවශ්‍ය දේවල් කරන්න.

04) නිදාගන්න

හැමදේම අමතක වෙන්න කියල හොදට නිදාගෙන ඇහෙරෙන්න පුලුවන් ..හැබැයි ඒ ඇහරලත් ඒක ගැන කල්පනාව නම් ඒක හරි යන්නේ නෑ....පොඩි පොඩි ප්‍ර්‍ශ්න වලදි අව්ලක් නෑ...

05) ලියන්න, ලියන්න

මේක නම් ගොඩක් සාර්ථක ක්‍රමයක්..මොකද මගේ අත්දැකීම් අනුවත් ගොඩක් සාර්ථකයි..අඩ අඩ ලියන්න පුලුවන් නම් ඒත් හොදයි..කොළවල.ඇති වෙනකල් ලියන්න..අකුරු ලියන්න බැරි නම් කුරුටු ගාන්න.මම නම් journal කරනවා. ඒක ලස්සන කලාවක්.හිතේ තියෙන හැමදේම ලියන්න.ඒකත් දුක නැතිවෙන්න හොදයි.

ඉතින් මේ දේවල් මගේ අත්දැකීම් අනුවයි කීවේ...එක එක්කෙනා එක එක විදියනේ ඉතින් ඒක මේ ලෝකේ ස්වාභාවික දෙයක්නේ..ඉතින් මේ දේවල් පොඩ්ඩක් කරල බලන්න..ටිකක් හරි දුක නැතිවෙනවද කියල්..

මේ දේවල් ගෙනාව මම ආදර ලියා😍❤️








Comments

Popular Posts